u/Trick-Temperature-09

Image 1 — සෆීස්ථානය හා නසාර්ස්ථානය
Image 2 — සෆීස්ථානය හා නසාර්ස්ථානය
▲ 15 r/lankawa

සෆීස්ථානය හා නසාර්ස්ථානය

මේ කේම්බ්‍රිජ් සරසවියේ චෞද්‍රි රහ්මත් අලි විසින්, ලංකාවේ මුස්ලිම් ජනගහනය සැලකිල්ලට ගනිමින් යෝජනා උන මුස්ලිම් රාජ්‍යයන් දෙකක්:

  1. සෆීස්ථානය (Safiistan): බටහිර ලංකාව කේන්ද්‍ර කරගත් යෝජිත මුස්ලිම් රාජ්‍යය.
  2. නසාර්ස්ථානය (Nasaristan): නැගෙනහිර ලංකාව කේන්ද්‍ර කරගත් යෝජිත මුස්ලිම් රාජ්‍යය.

මේවා යෝජනාවට පත් උනේ ප්‍රධාන හේතු දෙකක් සමඟ:

  1. සුළුතරයන් ආරක්ෂා කිරීම: හින්දු හෝ බෞද්ධ බහුතරයක් සිටින ප්‍රදේශවල මුස්ලිම්වරුන් සුළුතරයක් ලෙස විසිරී සිටීම ඔවුන්ගේ ආගමට සහ සංස්කෘතියට අනතුරක් බව ඔහු විශ්වාස කිරීම.
  2. පෑන්-ඉස්ලාමීය දැක්ම: ලංකාව ඇතුළු සමස්ථ දකුණු ආසියානු කලාපයේම විසිරී සිටින මුස්ලිම් ජනතාව වෙනම රාජ්‍යයන් ලෙස එක් කර, "පාක් ජාතීන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලයක්" ගොඩ නැගීමේ අභිප්‍රාය.

ඔහු විසින් 1933 දී හඳුන්වාදුන් පාකිස්තානය යන නම මුස්ලිම් ජාතිකයින් අතර ඉතා ජනප්‍රිය උනත්, දෙවෙනි රූපයේ දැක්වෙන 1943 දී එළි දැක්වුණු ලංකාව ඇතුළු තවත් ඉන්දීය උප මහාද්වීපයේ ප්‍රදේශ මුස්ලිම් රාජ්‍යයයක් යටතට ගෙන ඒමේ මේ යෝජනාව පාකිස්තාන නායකයින් වු මොහොමඩ් අලි ජින්නා (පාකිස්තානයේ "ජාතියේ පියා") වැනි අයත් ප්‍රතික්ෂේප කළා.

මේ පිළිබඳව වැඩිදුර කියවිය හැකියි මේ මූලාශ්‍ර වලින්: 1, 2

▲ 21 r/lankawa

පේරාදෙණිය විශ්වවිද්‍යාලය: ලිංගික හිරිහැර පෙත්සමකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මහාචාර්යවරයෙකුට අධ්‍යාපන ආයතනවල තනතුරු තහනම් කරයි

bbc.com
u/Trick-Temperature-09 — 3 days ago

කපිල චන්ද්‍රසේන: SriLankan Airlines හි හිටපු CEO මියගොස් සිටියදී හමුවෙයි

bbc.com
u/Trick-Temperature-09 — 6 days ago

2010 උපන් දරුවන්ට දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීමේ යෝජනාවක්: ක්‍රියාවට නංවන්නේ කවදා ද?

වර්ෂ 2010න් පසු මෙරට උපන් සියලු ම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විශේෂ වැඩපිළිවෙළක් යෝජනා කර තිබේ.

එම අධිකාරිය විසින් සකස් කරන ලද 'Tobacco Free Generation' සංකල්පය සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත භාර දී ඇත.

ඒ, අදාළ නීතිමය ක්‍රියාමාර්ග සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ය.

දුම්කොළ සහ මධ්‍යසාර නිසා සිදුවන සමාජ ව්‍යසනය අවම කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ අනෙකුත් වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් විද්වත් වෘත්තික සංවිධාන මෙන් ම රාජ්‍ය නොවන ආයතන සහ අනෙකුත් වගකිව යුතු ආයතන දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා ගත යුතු ඉතා වැදගත් පියවර 02ක් පෙන්වා දී තිබේ.

ඉන් පළමු වැන්න දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනතේ පවතින රෙගුලාසි යාවත්කාලීන කිරීම සඳහා සංශෝධන රැගෙන ඒම ය. දෙවැන්න, 'දුම්කොළ රහිත අනාගත පරපුරක්' යන සංකල්පය යටතේ එක්තරා වයස් සීමාවකින් පසු උපත ලබන සියලු ම පුද්ගලයින්ට දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය අහිමි කිරීම සහ තහනම් කිරීම ය.

bbc.com
u/Trick-Temperature-09 — 9 days ago

වෙසක් සතිය කල් දැමීමේදී රජය හජ්ජි සැමරුම ගැන තැකීමක් නොකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අර්ෂාඩ් කාදර් ද මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ ඉංග්‍රීසි භාෂාවෙන් දීර්ඝ සටහනක් තබා තිබේ.

ඔහු ද පෙන්වා දෙන්නේ, වෙසක් සැමරුම වෙනුවෙන් සිදු කරන ඇතැම් සීමා කිරීම් (මස් සඳහා සීමාවන් වැනි) සහිත සතියක් තුළ හජ්ජි සැමරුමේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීමට බාධාවක් ඇති විය හැකි බව ය.

"සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් රාජ්‍යය විසින් ආරක්ෂා නොකරන බවටත්, ආගමික බහුතරයේ අභිමතයන්ට සහ 'අවසරයට' [සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්] යටත් වන බවටත් සෑම පුරවැසියෙකුට ම පණිවිඩයක් ලබා දීමක්," මෙයින් සිදුව ඇතැයි ඔහු චෝදනා කරයි.

bbc.com
u/Trick-Temperature-09 — 11 days ago