
විවාහයට ඇදුම වැදගත්ද?
මම දැක්කා මේ දවස් වල සමාජමාද්‍ය වල යුවලක් විවාහ වෙන්න ඇදන් ගිහිපු ඇදුම් ගැන විවිධ විවේචන එල්ල වෙනවා. සමහර කාන්තාවන් දාල තිබ්බා එයාලගෙ ජීවිතේ ලොකුම ආසාව තිබ්බේ සාරියක් ඇදල මගුල් ගෙදරක් ගන්න එක කියලා. සමහර පිරිමි අය දාලා තිබ්බා එයාල බොන තැනටත් මීට වඩා හොද ඒව ඇදගෙන යනවා කියලා. ඒක ගැන මමනම් දරන්නේ ටිකක් වෙනස් අදහසක්.
පළවෙනි එක තමා මේ යුවල තමන්ගෙ ඇග වැහෙන්න, සංවර විදියට ඇදුමක් ඇදන් ඉන්නවා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. දෙවෙනි එක තමයි හැම කාන්තාවකගෙම තියෙන එකම ආසාව සාරියක් ඇදලා weding එකක් ගන්න එක නෙවෙයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. සමහර විට මෙයාලට ඒවට වඩා ගොඩක් දුරින් තියෙන ලොකු හීනයක් ඇති. මේ එයාල ඒ හීනෙට යන්න කරන කැපකිරීම් වෙන්න පුලුවන්. ඇරත් එතනින් එහාට ගියාම විවාහ ජීවිතේ සාර්ථක වෙන්නේ තමන් ගන්න weding එකේ ප්‍රමාණයට අනුලෝමව නෙවේ. ආදරය හා එකිනෙකා තේරුම් ගැනීමට ඇති හැකියාවට අනුලෝමව තමයි විවාහ ජිවිතේ සාර්ථක වෙන්නේ. සමහර කෝටි ගනන් වියදම් කරලා ලොකු weding අරගෙන මාස දෙකෙන් තුනෙන් කැඩිච්ච කසාද නැද්ද?තියෙනවා. ඒකයි කියන්නේ විවාහ වෙන දවසෙ අදින ඇදුම වැදගත් නෑ. වැදගත් වෙන්නේ එයාලගෙ විවාහ ජීවිතය තුල තියෙන සාර්ථකත්වය විතරයි..
ඒකයි හැමදාම කියන්නේ
"අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ" කියලා.