u/LuckyWoodpecker2024

▲ 95 r/lankawa

අනර්කලීගෙන් සිංහලයින්ට පණිවිඩයක්!

මම ගන්නෙත් අවදානමක් මේක මෙතන දාලා.

මෙතනත් බහුතරේ එහෙමද කියල හිතෙනව. සමහර එවුන් r/lankawa එකේ ලියල තියෙන ඒව මට කියවෙන්නෙ ගෙහාන් බ්ලොක් ගෙ කතා විලාසෙන් 🥲

u/LuckyWoodpecker2024 — 1 day ago
▲ 30 r/lankawa

සුරංගනී කියන්නෙ දෙමළ සින්දුවක්ද?

මේක මම දැක්කෙ DW එකෙන් පාකිස්ථානයේ කරච්චි වල ඉන්න දෙමළ කට්ටියක් ගැන කරපු විඩියෝවක.

දෙමළ දන්න කෙනෙක් මේ කියන සුරංගනී සිංදුවෙ තේරුම කියන්න පුළුවන්ද?

මේකෙ පෙන්නන විදියට මම දැනගෙන හිටියෙ නෑ දෙමළ සංස්කෘතිය නිරූපණය කරන කොටසකට ගන්න තරම් මේ සිංදුව දෙමළ මිනිස්සු අතර ප්‍රසිද්ධයි කියල.

u/LuckyWoodpecker2024 — 4 days ago

දිලිත් ජයවීර රටේ නායකත්වයට ගෙන ඒමට දිවි පුදා කටයුතු කරන බවට අම්පිටියේ සුමනරතන හිමියෝ දැනුම් දෙති. රැස්ව සිටියෝ අත්පොළසන් දෙති.

u/LuckyWoodpecker2024 — 5 days ago
▲ 54 r/lankawa

භික්ෂුවකට කැප/අකැප දේ

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො ලියපු පරෙවි සංදේශයේ සංදේශය අරගෙන යන පරෙවියාට කියල දීල තියෙනව මග තොටේ හා නගරයේ දකින්න ලැබෙන ගැහැණු ගැන. බැලුවම වැඩි හරියක් කතා කරල තියෙන්නෙ කාන්තාවන්ගෙ ශරීරය ගැන. මේ කියන්නෙ අද බත්තරමුල්ල, කෝට්ටේ, පැලවත්ත පැති වල හිටපු ගැහැණු ගැන වෙන්න ඇති නේ.

මේ දේවල් කතා කරල තියෙනව:

  1. පියයුරු වර්ණනාව (රන් හංසයන්ට හා පුන් කලස්වලට උපමා කිරීම)
  2. මුහුණ සහ නෙත් වර්ණනාව (පුන් සඳ සහ නිල් මහනෙල්)
  3. සිහින් ඉඟටිය (විදුලියට උපමා කිරීම)
  4. කෙස් කළඹ (නිල් වලාකුළු වලට සමාන කිරීම)
  5. දෙතොල් (නා දළු සහ පබළු)

ඉතින් මෙහෙම කාන්තා සිරුරක් ගැන කතා කිරීම භික්ෂුවකට කැපයිද? එදා සමාජය මේ කලා නිර්මාණ දිහා කොහොමද බලන්න ඇත්තෙ?
ඒ කොහොම උනත් අද පරෙවි සංදේශය කියන්නේ හැමෝම අගය කරන දෙයක්.

ඒ විදියටම මේ දාලා තියෙන හාමුදුරුවන්ගෙ දෘෂ්‍ය සංස්කරණ හැකියාව පස්සෙ කාලෙක මිනිස්සු ඉහළින් කතා කරයිද?

u/LuckyWoodpecker2024 — 5 days ago
▲ 24 r/lankawa

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පසු ඉරාජ්/මිලින්ද/තිස්සකුට්ටි ජනතාවගේ නිදහස හා ජීවිතාරක්ෂාව ගැන කණස්සල්ල පල කරති

u/LuckyWoodpecker2024 — 7 days ago
▲ 55 r/lankawa

මෙට්‍රෝ බස් කියන්නෙ ජනතා බදු මුදල් නාස්ති කිරීමක් - ගැමුණු

මූ මේ ගේන තර්කයට දෙන්න පුළුවන් උත්තර මොනාද?

u/LuckyWoodpecker2024 — 8 days ago
▲ 61 r/lankawa+1 crossposts

මේ වගෙ එකක් පටන් ගන්නෙ කොහොමද?

අපි හිතමු කාට හරි මෙහෙම මිනිස්සු සුවපත් කිරීමේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෙ කියල. කොහොමද ඒකට ආරම්භයක් ගන්නෙ? පල්ලියකින් වගෙ අවසර ගන්න ඕනෙද?

u/AnxiousLake5744 — 8 days ago
▲ 98 r/lankawa

AI වලින් හදපු පින්තූර/විඩියෝ දාන මේ වගේ ගිණුම් ඡන්දයක් ලංවුනාම දේශපාලනේ කතා කරයි කියල හිතෙන්නෙ මට විතරද?

ලංකාවෙ එක එක සමාජ ස්ථර වලට ගැලපෙන එක එක ගිණුම් තියෙනව AI විඩියෝ/පින්තූර දාන. මේ කතා කරන්නෙ අර ඩිවෝස් මිතුරියෝ වගෙ වීඩියෝ දාන ඒව විතරක් නෙවෙයි. ඒවගෙ අල්ලන්නෙ “කොල් මි” කියල ඒකෙ ලියන උන් උනාට මේ AI දොස්තර අල්ලන්නෙ ටිකක් මධ්‍යම පන්තියක්. තව මම දැක්ක නාකි AI ජෝඩුවක් ලංකාවෙ එක එක තැන් වල ඇවිදින විඩියෝ දාන.

AI වලින් හදපු දේවල් වලට ෆේස්බුක් එකෙන් සල්ලි ගෙවන්නෙත් නෑ. ඒ ගිණුම් වල වෙන වෙළඳ ප්‍රචාරණ කරන්නෙත් නෑ. අනික මේ විදියට මේව හදන්න Google AI Studio වගෙ දෙයක් සෑහෙන ගානක් ගෙවල ගන්න ඕනෙ.

ඇයි සල්ලි අතින් වියදම් කරගෙන ආදායමක් එන්නෙ නැති දේකට වියදම් කරන්නෙ කියල හිතෙන් නැද්ද?

u/LuckyWoodpecker2024 — 11 days ago