u/Logical-Time3486

ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒකෙන්ම යොවුන් ආදරයත් විශේෂයි. එහෙත් අද කාලේ ගොඩක් කොල්ලොත් කෙල්ලොත් (හැමෝම නෙවෙය්)යාලුවෙලා, “ආදරය කරනවා” කියලා කියනවා. නමුත් ඒවා සැබෑ ආදරය නොව, සීමා ඉක්මවා කරන දේවල් බව පේනවා.

ආදරය කියන්නේ ඕනෑම දෙයක් කරන්න අවසරයක් නෙවෙයි. සමහර වෙලාවට වැරදි වටහාගැනීම් නිසාත්, තවත් සමහර අය ආදරය කියලත් අනවශ්‍ය දේවල් කරනවා. කෙලින්ම කියනවා නම්, ගොඩක් දෙනෙක් “love” කරනවා කියලා පෙන්වමින්,පදුරු අස්සෙය්, පාර්ක් වලය් ගිහින් වයසට නොගැලපෙන ක්‍රියා කරනවා.

ආදරය කොච්චර සුන්දර වුණත්, සීමා ඉක්මවා ගන්නා තීරණ නිසා ජීවිතය අඳුරු වෙන්නත් පුළුවන්. මේකට කෙල්ලෝටත්, කොල්ලෝටත් දෙපාර්ශවයටම වගකීම තියෙනවා. එක පාර්ශවයක් විතරක් වැරදි කියලා කියන්න බැහැ.

අවසානයේ ප්‍රශ්නයක් උනාම, “එයා මාව රවට්ටුවා” කියලා එකිනෙකාට කියා ගන්නවා. නමුත් ඒකෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

තවද, තාක්ෂණය දියුණු වෙනවත් එක්ක මේ වගේ දේවල් වැඩි වෙලා තියෙනවා. නමුත් ඒක තාක්ෂණයේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක භාවිතා කරන මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. Social media හරහා වෙන්න පුලුවන් තව නොයෙකුත් දේවල් වලින් මේ වගේ තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්.

ඒ නිසා, යොවුන් ආදරය කියන්නේ දෙපාර්ශවම වගකීමෙන්, සීමා සමඟ, ගෞරවයෙන් පවත්වාගෙන යා යුතු දෙයක්.

reddit.com
u/Logical-Time3486 — 6 days ago